Phone : (077 727 61 59)

Opening Every Day : 6 AM TO 9 PM

No 17 A,Maddawaththa, Matara

Faq page

Our Faq Page

අප ඔබ වෙත ලබා දෙන්නේ හොදම සහ පිරිසිදු ජලයයි . අපගේම ජල මූලශ්‍ය තුලින් ලබාගන්නා පිරිසිදු උල්පත් ජලය තවදුරටත් තාක්ෂණ ඔස්සේ පිරිසිදු කිරීමෙන් ඔබට ලබා දෙන්නේ වඩාත්ම පිරිසිදු පානීය ජලයයි.එම ක්‍රියාවලියහි සිදුවීම ඔබට මේ තුලින් පැහැදිලි කරගත හැක

අපගේ පිරිසිදු ජල මූලශ්‍යයන්ගෙන් ලබා ගන්නා ජලය අප RO තාක්ශණ්ය මගින් තවත් පිරිසිදු කරනු ලබයි.එහිදී ප්‍රථමයෙන්ම වැලි පෙරණය මගින් ජලයේ අඩංගු අවලම්බිත අංශු සහ අපද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ඉවත් කිරීම සිදු කෙරේ එමෙන්ම අඩංගු කාබනික ඝන අපද්‍රව්‍ය දූවිලි අංශු වර්ණය වැනි දේද ඉවත් කරනු ලබයි.

ජල මෘදුකරණය, ජලයේ දියවි ඇති අණු මෙම්බ්‍රනය හරහා ගමන් කිරීමෙදී පිරිපහදු කිරීමට පහසුවන පරිදි සකස් කරනු ලැබේ. මෙලෙස ජල මෘදුකරකරණය මගින් ප්‍රති ආසෘත පටලවලට සිදුවන හානිය අවම කරගත හැක

මයික්‍රෝන 5 පොලිපොප්ලින් පෙරණය මගින් ජලයේ ඇති වැලි දූවිලි මඩ කුණු වැනි මයික්‍රෝන 5 ට වඩා වැඩි සියලුම අංශු ඉවත් කරයි

කැටිති සහිත සක්‍රීය කරන ලද කාබන් පෙරණය මෙමගින් දියවී ඇති ක්ලෝරීන් අප්‍රසන්න දුගද අප්‍රසන්න රස ෆ්ලෝරයිඩ් හා අවලම්බිත අංශු ඉවත් කරයි

කාබන් බ්ලොක් පෙරණය තුලින් තව දුරටත් ජලයේ දියවී ඇති ක්ලෝරීන් අප්‍රසන්න දුගද අප්‍රසන්න රස ෆ්ලෝරයිඩ් හා අවලම්බිත අංශු ඉවත් කරයි .

යාන්ත්‍රික පීඩනය වැඩි කරන ලද ජල ධාරාවක් අර්ධ පාර්ගම්‍ය පටලයක් හරහා ගමන් කරවීමෙන් ජලය පිරිපහදු කිරීම සිදුකරයි. මෙම අර්ධ පාරගම්‍ය පටලය හරහා පිරිසිදු ජල අංශු පමණක් හුවමාරු වන අතර අතර අනෙකුත් සියලුම අපද්‍රව්‍ය ජලයෙන් වෙන් කිරීම සිදු කෙරේ මෙම ප්‍රති ආසෘත මෙම්බ්‍රනය තුල මයික්‍රෝන 0.0001 පමණ ඉතා කුඩා සිදුරු තුලින් ජල අනු වලට පමණක් ගමන් කල හැකි අතර ආසනික් කැඩිමියම් වැනි බැර ලෝහද කිවුල ෆ්ලෝරයිඩ් කැල්සියම් කෘමිනාශක කෘශිරසානයන ද්‍රව්‍යය බැක්ටීරියා වැනි සියලුම සංඝටක ඉවත් කර සුපිරිසිදු ජලය ලබා දෙයි.මෙහිදී අපිරිසිදු ජලය වෙනම නලයකින් ඉවත් වී යයි

පසු කාබන් මිනරල් පෙරණය මගින් පිරිපහදු ජලයේ ගුණත්මක බව වැඩි කරමින් ජලයට අත්‍යවශ්‍ය ඛනිජ ලවන එක් කරයි

මිනරල් PH ෆිල්ටරය මගින් ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ එකතු කරමින් ජලයේ PH අගය සමතුලිතව පවත්වා ගැනීමට උපකාරී වේ

UF UV ෆිල්ටරය මගින් පිරිපහදු ජලයේ තවදුරටත් බැක්ටීරියා හා විශබීජහරණය කරමින් අවසන් පිරිපහදුව සිදු කරයි

“Is Reverse Osmosis Water Safe To Drink”

Filtering water by reverse osmosis effectively eliminates dangerous contaminants and delivers fresh, pure drinking water.